රෝහල් නැවතත් අකුරට වැඩ

March 18, 2024 - 10:39 AM
දිවයින පුරා රෝහල්වල හෙට (19) සහ අනිද්දා (20) යන දෙදිනේ දී අකුරට වැඩ කිරිමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා සිටිය ද එයට විසඳුම් නොදීමට එරෙහිවයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සරත් සෙනවිරත්න මහතා මේ බව පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සඳහා ද කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත අරගලයක් පවත්වන බවයි.
(lknews.lk)