උණුසුම් කාලගුණයෙන් සුරතල් සතුන්ටත් බලපෑම්

March 19, 2024 - 3:23 PM
අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇතිකරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙලෙස පාරිසරික උෂ්ණත්වය ඉහළ යාමෙන් වීදි සුනඛයින් ,ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබෙන බවයි.

සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීම වඩාත් සුදුසු බව පශු වෛද්‍යවරුන් පවසනවා.

එමෙන්ම අධික උණුසුම හේතුවෙන් සුරතල් සතුන් දිවා කාලයේ වාහන තුළ රඳවා යාම අවදානම් සහගත බවයි ඔවුන් පවසන්නේ.
(lknews.lk)