හූති කැරලිකරුවන් වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කරයි

March 07, 2024 - 9:19 AM
හූති කැරලිකරුවන් විසින් දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ඒඩ්න් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී බාබඩෝස් ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය සහ හමාස් යුද ගැටුම්වල දී පලස්තීනුවන්ට සහය පළකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි හූති කැරලිකරුවන් පෙන්වා දෙන්නේ.
(lknews.lk)