ඉස්තාන්බුල්හි වීදි සුනඛයන්ට මානුෂීය විසඳුමක්

February 14, 2024 - 4:13 PM
ඉස්තාන්බුල් හි ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක පීඨාධිපතිවරයා විසින් නගරයේ නිරන්තරයෙන් ගැවසෙන වීදි සුනඛයන්ට මානුෂීය විසඳුමක් යෝජනා කර තිබෙනවා.

ඒ නිවැසියන්ගේ ආරක්ෂාව සහ වීදි සුනඛයන්ගේ සුබසාධනය යන දෙකම සහතික කරමින්.

විශ්ව විද්‍යාලයේ 4 සහ 5 වසර සිසුන් 300 කට මෙම ගැටලුව විසඳීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි බවට පීඨාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.

එහිදී එම මහතා පවසා ඇත්තේ ඔවුන්ට අවශ්‍ය එකම දෙය ද්‍රව්‍ය සැපයීම සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මහ නගර සභා මගින් වන්ධ්‍යාකරණ මෙහෙයුම් ප්‍රදේශ පිහිටුවීම බවයි.