හංගේරියානු ජනාධිපති ඉල්ලා අස් වෙයි

February 11, 2024 - 7:13 PM
හංගේරියානු ජනාධිපතිනී කැටලීන් නොවැක් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනාධිපතිවරිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධූරයෙන් ඉල්ලා අස් වන බව ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපතිවරිය ජනතාවගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(LKNEWS)