ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි

November 10, 2023 - 9:13 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ICC ය කටයුතු කර තිබෙනවා.

ICC මණ්ඩලය අද (10) රැස් වී තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට්, ICCහි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපාන කරණා පිළිබඳව ද සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ඊට බලපාන බව ICC ය ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)