T20 ලෝක කුසලාන ශූරයන්ට පිරිනමන මුදල් ත්‍යාගය ගැන ICC යෙන් නිවේදනයක්

June 04, 2024 - 10:21 AM
2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.45ක (රුපියල් කෝටි 73ක්) මුදල් ත්‍යාගයක් පිරිනමන බව ICCය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළා.

තරගාවලියේ අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.28ක (රුපියල් කෝටි 38ක්) මුදලක් පිරිනමන බව ද ICCය කියා සිටියා.

එමෙන්ම අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වන කණ්ඩායම්වලට ඇමරිකානු ඩොලර් 787,500ක (රුපියල් කෝටි 23ක්) මුදලක් ලබා දෙනවා.

2024 T20 තරගාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11.25ක මුදලක් (රුපියල් කෝටි 337ක්) වෙන්කර ඇති බව ICCය වැඩිදුරටත් කියා සිටියා.

(lknews)