ICC ක්‍රිකට් තහනම ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

November 11, 2023 - 10:23 AM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

නමුත් මෙම ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කළා.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඉන්දියාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුව මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා.

මීට අමතරව ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC රැස්වීම සඳහා ද ඔහු සහභාගී වීමට නියමිතයි. 
(lknews.lk)