මිලියන විසි දෙකකගේ බලාපොරොත්තු අවසන් - ICCයෙන් නිවේදනයක්

June 14, 2024 - 9:53 AM
2024 T20 ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක්ම පරාජය වූ අතර නේපාලය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව නිසා අත්හැරීමට සිදු වුණා.

එළඹෙන ජුනි 17 වනදා ශ්‍රී ලංකාව නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය ජයග්‍රහණය කළත් T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත් වී ඇති බව ICCය වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලියකදී පළමු වටයෙන්ම ඉවත් වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් වුණා. 

(lknews)