අස්වැසුම සඳහා හැඳුනුම්පත අනිවාර්ය කරයි

February 17, 2024 - 12:51 PM
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ.

ඒ අනුව අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා.
(lknews.lk)