පොලිස්පති දේශබන්දුට ප්‍රශ්න රැසක්

March 03, 2024 - 5:04 PM
කාලයක් තිස්සේ නොවිසඳුණු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න රාශියක් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම නිලධාරීන් විසින් ලිඛිතව භාර දී  තිබෙනවා.

ඒ අනුව මාරුකිරීම්, උසස් කිරීම්, රාජකාරි නිවාඩු ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න හා සුබසාධන කටයුතු පිළිබඳව කාලයක් තිස්සේම නිසි ආකාරයට විසඳීමක් සිදු කර නොමැති බව ඔවුන් පවසා තිබෙනවා.
(lknews.lk)