පොලිස්පතිගේ සේවා දිගුව 09 වැනිදායින් අවසන්

October 04, 2023 - 3:56 PM
පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව මෙම මස 09 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

පොලිස්පතිවරයාට ලබා දී තිබූ මාස 03ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බවත් ඔහුට මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මාර්තු 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දුන්නා.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව පසුගිය ජුනි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයකට ලබා දී තිබුණා.
(lknews.lk)