රැකියා අවස්ථා සහ ආයෝජන අවස්ථා දෙන්න දකුණු කොරියාවේ සහය මෙරටට

October 12, 2023 - 8:47 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුව තිබෙනවා.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

කොරියාවේ ඇති වු ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත්වීම සහ වර්ධනය සඳහා උගත් පාඩම් සම්බන්ධව සාකච්ජා කළ අතර එම අත්දැකීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පිළිගත් ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් වනු ඇති බවයි එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම දකුණු කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගීතාව ලබා දෙන බවට ද එහි දී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

මේ අතර දේශගුණික ප්‍රතිපත්තිවල පරිවර්තනයට දායක විය හැකි කාලගුණික ක්‍රියාමාර්ග සඳහා වන මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට ද අමාත්‍යවරයා එක් වුණා.

එහිදී ස්වභාවික හා දේශගුණික බලපෑම් අවම කිරීමේ විසඳුම් සඳහා ආයෝජන අවස්ථා වැඩි කිරීමට පෞද්ගලික අංශයට හැකිවන පරිදි රාජ්‍ය අංශය තුළ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සම්බන්ධව සාකච්ජා කර තිබෙනවා.
(lknews.lk)