IMF ලොක්කන් ලංකාව ගැන සතුටින්

March 07, 2024 - 6:10 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර හමුවක් අද (07) මුදල් අමාත්‍යංශයේ දී පැවැත් වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්වයට පත්වීමට ආරම්භ වීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ද ඒ මහතා සිය ස්තූතිය පළ කළා.
(lknews.lk)