IMF සිව්වන සමාලෝචනය ලබන මාසයේදී

June 18, 2025 - 11:14 AM
IMF ණය වැඩසටහනේ සිව්වන සමාලෝචනය ලබන ජූලි 1වනදා සිදුවන බව එම සංවිධානයේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් ප්‍රකාශ කළා. 

ඇය සඳහන් කළේ IMF වැඩසටහනේදී ශ්‍රී ලංකාට දැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි. 

ගෝලීය භූ දේශපාලන තත්ත්වය, වෙළෙඳ අවහිරතා, බලශක්ති, වෙළෙඳපොළ අස්ථාවරභාවය හමුවේ ප්‍රතිපත්තිමය වැරදි කිරීමට ශ්‍රී ලංකාවට ඉඩක් නොමැති බවද IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් ප්‍රකාශ කළා. 

(lknews)