IMF නියෝජිතයින් ජනපති හමුවෙයි

August 01, 2024 - 8:53 AM
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

(lknews)