IMF නියෝජිතයෝ ජනපති හමුවට

March 07, 2024 - 10:35 AM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ, මෙය රටේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා වැදගත් සංධිස්ථානයක් වන බවයි.
 
සාර්ථක සමාලෝචනයක් අවසන් කර 3 වන වාරිකයට ප්‍රවේශ වීමට හැකි ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)