05 වැනි ණය වාරිකය මුදා හැරීමට IMF කාර්ය මණ්ඩල එකඟතාව

April 26, 2025 - 10:25 AM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


(lknews.lk)