IPL 2024 | අවසන් තරගය හෙට

May 25, 2024 - 2:24 PM
දාහත්වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) රාත්‍රි 7.30ට චෙන්නායිහිදී පැවැත්වෙනවා.

එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

ඒ අනුව මෙම තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමිවන අතර අනුශූරයන්ට කෝටි 13ක් හිමිවන බවයි වාර්තා වන්නේ.

තෙවැනි ස්ථානයට ඉන්දීය රුපියල් කෝටි 7ක් සහ සිව්වැනි ස්ථානයට කෝටි 6.5ක් හිමිවෙනවා.
(lknews.lk)