ලංකාව තුළ හොරට ව්‍යාපාර කරන සංචාරකයින්ට වැඩ වැරදී

March 07, 2024 - 3:16 PM
සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු වල නිරත වන සංචාරකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ, ගාල්ල සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.

ඇතැම් සංචාරකයින් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර ආරම්භ කිරීම නිසා සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට ඉන් සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
(lknews.lk)