නීති විරෝධීව ගෙනා කෝටි 7ක වේදනානාශක මීගමුවෙන් අල්ලයි
March 03, 2025 - 10:47 AM
රුපියල් කෝටි 07කට අධික වටිනාකමක් ඇති වේදනා නාශක ඖෂධ කරල් ලක්ෂ 05කට වැඩි තොගයක් සමඟ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ මෙම වේදනා නාශක ඖෂධ වර්ගය මත්කුඩු ලෝලීන් සහ ඇතැම් තරුණයන් මත්වීමට භාවිත කරන බවයි.
මෙම ඖෂධ තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පේසාලේ පදිංචිකරුවෙක්.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
(lknews.lk)