ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට දී නිපදවූ බවට තොරතුරු

November 05, 2023 - 2:54 PM
ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබා ගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව සදහන් කළා.

පර්යේෂණයක් වෙනුවෙන් යැයි කියමින් මෙලෙස රුධිරය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ලබා දී ඇත්තේ, රුධිරය 150L බව එම සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළා.
(lknews.lk)