ආනයනික බහාලුම් නිෂ්කාශන තදබදය සම්පූර්ණයෙන්ම අවසන්
June 29, 2025 - 12:23 PM
කොළඹ වරායේ ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීමේදි ඇතිවී තිබූ තදබදය මේ වන විට අවසන් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ සඳහන් කළේ මේ වන විට එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.
පසුගිය දින කිහිපයේදී ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදු වූ බවත් මීට හේතුව වූයේ ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළ යාම බවද සීවලි අරුක්ගොඩ සඳහන් කළා.
දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේදි අතිරේක කාලයක් යෙදවීමට සිදුවී තිබෙනවා.
අද (29) උදෑසන වන විට මෙම ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයිද කොළඹ වරායෙන් නිදහස් කිරීමට තිබූ සියලු බහාලුම් රේගුව විසින් නිෂ්කාශනය කර අවසන් කර ඇතැයිද අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)