ජනවාරි මාසයේ දී ආනයන වියදම ඉහළට

March 02, 2024 - 5:52 PM
පසුගිය වසරට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ආනයන වියදම වැඩි වී ඇති බව මහ බැංකුව පවසනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 978ක් ලෙස වාර්තා වී තිබුණා.

2024 වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන ආදායම ඩොලර් මිලියන 1,512ක් දක්වා 6.2% කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
(lknews.lk)