ලොකු ළූණු ආනයනය ලංකා සතොස හරහා

April 20, 2024 - 6:18 PM
ලොකු ළූණු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ළූණු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය කළා.

එම ළූණු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කර තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කර අලෙවි කිරීමටයි.

ඒ අනුව පළමු තොගය ලෙස ළූණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළා.

(lknews.lk)