රතු සහල් ගෙන්වීම අසාර්ථක වෙයි
January 10, 2025 - 7:00 PM
ඉන්දියාවෙන් රතු සහල් ආනයනය කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
රජය විසින් දේශීය වෙළඳපොළේ ඇති රතු සහල් හිඟය සපුරාලීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කළද ඉන්දියාවේද රතු සහල් නොමැති වීම හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී තිබෙනවා.
ඔහු කියා සිටියේ පසුගිය රජය විසින් ජනාධිපතිවරණයට පෙර නොමිලේ රතු සහල් බෙදා හැරීම සහල් හිඟය උග්‍ර වීමට හේතු වී ඇති බවයි.
එමෙන්ම බියර් කර්මාන්තය, කුකුළු ගොවිපලවල්, විසිතුරු මත්ස්‍ය කර්මාන්ත සහ සහල් පිටි සඳහාද සහල් භාවිතා කරන බව ඔහු පෙන්වාදී තිබෙනවා.
(lknews)