කුළුබඩු වර්ග ආනයනයට අවසර

March 10, 2024 - 9:16 AM
ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ, ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.

ඒ අනුව ගම්මිරිස්, සාදික්කා, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත් ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් අදහස දක්වමින් පැවසුවේ, එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව සියයට 35ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බවයි.
(lknews.lk)