වාහන ආනයනය කිරීම ලබන වසරේදී

April 10, 2024 - 2:55 PM
වාහනය ආනයනය කිරීමට ලබන වසරේදී හැකි‍යාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ පිහිටි අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රටේ ආර්ථික තත්වය යහපත් අතට ගමන් කරන නිසාවෙන් වාහන ආනයනය කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)