ආනයනික සීනී බද්ද තවත් දීර්ඝ කරයි
November 05, 2024 - 3:29 PM
ආනයනික සීනී කිලෝවක් සඳහා පනවා තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ආනයනික සීනී කිලෝග්‍රෑම් 01ක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් 01 වන දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබුවා.
එහි වලංගු කාලය නොවැම්බර් මස 01 වන දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එය 2024 දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීම සඳහා වන ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)