ඉම්රාන් ඛාන්ට සහ බිරිඳට සිර දඬුවමක්

January 31, 2024 - 12:26 PM
පකිස්තානයේ හිටපු අගමැති වන ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබීට තවත් සිර දඬුවමක් ලාබා දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පකිස්තාන අධිකරණය විසින් ඔවුන් දෙදෙනාට වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2022 වසරේදී ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඉම්රාන්ව අගමැති ධුරයෙන් ඉවත් කළ අතර පසුගිය වර්ෂයේදී දුෂණ චෝදනා මත වසර 03ක සිර දඬුවමක් තීන්දු කර තිබුණා.

නමුත් මේ සියල්ල දේශපාලන පළිගැනීම් බවයි ඉම්රාන් පවසන්නේ.
(lknews.lk)