ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් නොරැකි බවට හෙළිවෙයි

January 30, 2024 - 2:17 PM
රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදීමට එරට අධිකරණය කටයුතු කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් දැනටමත් බන්ධනාගාර ගතකර ඇති අතර ඒ, 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වීම හේතුවෙන්.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවයි.
(lknews.lk)