ගතවූ දින තුනේ ලක්ෂ තිස් පන්දහසක් TIN අංකය ගනියි

January 05, 2024 - 10:50 AM
ගතවූ දින තුනේ තුන් ලක්ෂ තිස් පන්දහසක් TIN අංක ලබා ගෙන තිබෙනවා.

ගෙවුණු දින 03 ඇතුළත පමණක් TIN අංකය හෙවත් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය ලබාගැනීම සඳහා විශාල පිරිසක් ලියාපදිංචි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත සඳහන් කළේ ගතවූ වසර තුළ TIN අංක තුන් ලක්ෂ තිස් පන්දහසක් නිකුත් කර ඇති බවයි.

TIN අංකයක් පුද්ගලයෙකුට ලබාගැනීම තුළින් ඉදිරියේදී වාහනයක් මිලදී ගැනීම, ලියාපදිංචිය ඇතුලු කටයුතු රැසක් සඳහා පහසුකම් සැළසෙන බවට සඳහන්.
(lknews.lk)