විදුලි මිල සංශෝධනය කළේ කාගේ උවමනාවටද? - කංචන කියයි

October 24, 2023 - 11:28 AM
මෙවර විදුලි මිල සංශෝධනය සිදු කෙරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
(lknews.lk)