හෙට සිට ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

December 25, 2023 - 6:45 PM
උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට හෙට (26) සිට වැසි තත්ත්වය වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශ වල ඌව සහ උතුරු මැද පළාත් වල පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං ඇති විය හැකි බව ද සඳහන් වෙනවා.
(lknews.lk)