උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කරයි

April 04, 2024 - 3:53 PM
විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට සහ විභාග රාජකාරි වල යෙදෙන නිලධාරීන්ට ලබා දෙන දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කළ බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කර කමිටු වාර්තාවට අනුව දීමනා වැඩි කිරීමේ තීරණය ඉදිරි සති දෙක තුළදී ක්‍රියාත්මක කරන බවයි.
(lknews.lk)