රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව වැඩි කරයි

July 29, 2024 - 6:37 PM
ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීම හේතුවෙන් රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

මේ වන විටත් ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන රැසක් මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ සඳහන් කළා.

(lknews)