රවීගේ නම ජාතික ලැයිස්තුවට ගිය හැටි හොයන්න ස්වාධීන කමිටුවක්

November 20, 2024 - 7:55 PM
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස නීතීඥ කුමාර් දුනුසිංහ, නීතීඥ ඉන්දික වේරගොඩ සහ ආචාර්ය විතානගේ පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කමිටු ලේකම් වශයෙන් නීතීඥ යසස් ද සිල්වා පත් කර තිබෙනවා.

මෙම පරීක්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.

(lknews.lk)