ඉන්දියාව ලොකු ළූනු තහනම තවත් දීර්ඝ කරයි

March 24, 2024 - 11:05 AM
ලොකු ළූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ, ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් ළූනු මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට පියවර ගත් බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ළූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
(lknews.lk)