ඉන්දියාවේ ලොකු ළූණු නැවතත් අපනයනය කරයි

February 20, 2024 - 12:41 PM
අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ ලොකු ළූණු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ලොකු ළූණු අපනයනය කිරීම නැවැත්වීමට ගෙන තිබූ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එරට රජය තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සීමිත තොග ප්‍රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවලට අපනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම නැවතත් ඉන්දියාවේ සිට ලොකු ළූණු මෙරටට ගෙන්වීමත් සමඟ මෙරට ලොකු ළූණු මිල ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)