ඉන්දියාවෙන්, ලංකාවට තෑග්ගක්

November 03, 2023 - 9:08 AM
ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාවට තවත් නිවාස 10,000 ක් ලබාදීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් නිවේදනය කර තිබෙනවා. 

'නාම් 200' (අපි 200) නිමිත්තෙන් පැවති උත්සවයට එක්වෙමින් ඇය මේ බව පැවසුවා. 
 
කොටගල මවුන්ට් වර්නන් වතුයායේ දී මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණා. 
 
මෙම නිවාස නිවාස ඉදිකිරීමේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතියට අමතරව වන අතර ඉන් 3,000 කට අධික ප්‍රමාණයක් දැනටමත් නිම කර තිබෙනවා.
 
මේ අතර සංචාරක කර්මාන්තය, තිරසාරභාවය, කෘෂිකාර්මික නවීකරණය සහ ඩිජිටල්කරණය කෙරෙහි අවධානය යොමු කරමින් නව වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ දැක්ම සඳහා සිය සහාය ලබා දෙන බවට ඉන්දියාව සහතික වී තිබෙනවා. 
 
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම ක්‍රියාමාර්ගය අගය කළ අතර තාක්ෂණික සහයෝගීතාව තුළින් ඉන්දියාවට ප්‍රධාන හවුල්කරු බවට පත්විය හැකි බව ද යෝජනා කළා.
(lknews.lk)