ඉන්දියාවේ නායයෑම්වලින් අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළට

July 31, 2024 - 10:08 AM
ඉන්දියාවේ කේරලයේ Wayanad දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 196 දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 98 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවයි.

එම ප්‍රදේශය යළිත් නාය යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(lknews)