ඉන්දීය අගමැති ජනපති කාර්යයාලට

April 05, 2025 - 12:14 PM
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලට පැමිණියා.

ජනාධිපති කාර්යාලයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන ඉන්දීය අගමැති අනිද්දා (06)වනදා තෙක් මෙරට රැඳී සිටින බව නිවේදනය කළා.


(lknews.lk)