රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

September 08, 2024 - 10:51 AM
කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 158ක් බරැති රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් කැබළි 09ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03ක් සමඟ ඉන්දීය ජාතිකයෙක් ඊයෙ (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකරු ව්‍යාපාරික ගුවන් මගියෙක් ලෙස ඉකුත් 06වනදා චෙන්නායි සිට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක ඉන්දීය ජාතිකයෙක් වන බවයි සඳහන් වන්නේ.


(lknews)