ඉන්දීය බිත්තර ලබන සතියේ සතොසට

February 09, 2024 - 3:40 PM
2024 වසරේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියන 7ක තොගයේ පළමු කොටස ලබන සතියේ ලංකා සතොස වෙත නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවා.

ඒ අනුව රුපියල් 35 කට අලෙවි කළ බිත්තරයක් වැට් බද්ද වැඩිවීමත් සමඟ රුපියල් 43 කට අලෙවි කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)