ඉන්දීය ධීවරයින් 4කට වැඩ වරදී

August 04, 2024 - 11:20 AM
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම ධීවරයින් සහ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් වයස අවුරුදු 22ත් 35ත් අතර පසුවූවන් වනවා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

(lknews)