ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළෙයි - එක් අයෙක් මරුට

August 01, 2024 - 4:09 PM
නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එක් ධීවරයෙක් මිය ගොස් තිබෙනවා.

එමෙන්ම  තවත් අයෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අද (01) යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙය සිදු වූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

(lknews)