ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනිදා

March 18, 2024 - 11:56 AM
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් සහ මැයි මාසවල දී අදියර හතකින් පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී ජුනි 1 වැනිදා අවසන් වීමට නියමිතයි.

ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර පැවසුවේ, මැතිවරණ ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

මෙය ඉන්දියාවේ එතෙක් මෙතෙක් ලොව දුටු විශාලතම මැතිවරණය වන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)