ඉන්දීය මහ මැතිවරණය හෙට අරඹයි

April 18, 2024 - 11:51 AM
ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව මහ මැතිවරණය ජූනි (01) දක්වා අදියර 7ක් යටතේ පැවැත්වෙන බව සඳහන් වනවා.

එමෙන්ම ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි (04) වනදා සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970ක් ලියාපදිංචි වී සිටින බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

(lknews.lk)