ජාවාරමක නිරත ඉන්දීය ජාතිකයකු මෙරටදී පොලිස් දැලට

September 22, 2023 - 2:59 PM
ජාවාරමක නිරත වූ ඉන්දීය ජාතිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව වේල්ලවීදිය පොලිසිය පවසනවා.

ඒ තීරුබදු නොගෙවා ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 100කට අධික ප්‍රමාණයක් වේල්ලවීදිය නවාතැන් පොළක තබාගෙන මෙරටට පැමිණි අදාළ ඉන්දියානු ව්‍යාපාරිකයා මාර්ගයෙන් ඉන්දියාවට යැවීමට උත්සාහා කිරීමේදීයි.

සැකකරු ඉන්දියාවේ වෙන්නායි හි පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ගෝලයකු බවත් එම කෝටිපති ව්‍යාපාරිකයා මේවා මෙරටට රැගෙනවිත් පසුව ඒවා තවත් ව්‍යාපාරිකයන් අත ඉන්දියාවට යැවීම සදහා සංචාරක වීසා මගින් ඉහත ගෝලයා මෙරටට ගෙන්වා ඇති බවත් වාර්තා වනවා.
(lknews.lk)