ඉන්දියාවේ වායු දූෂණය තවත් ඉහළට

November 13, 2023 - 11:17 AM
දීපාවලි සැමරුමත් සමඟ ඉන්දියාවේ වායු දුෂණය වැඩි වී තිබෙනවා.

මෙලෙස වායු දුෂණය ඉහළ ගොස් ඇත්තේ ඊයේ (13) දීපවාලි සැමරීමට විවිධ සංදර්ශන, ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මාර්ග දුවිලි අංශ සහිත දුමාරයකින් වැසි ගොස් ඇති බවත් ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවයි.

දුවිලි නිසා මාර්ගවල ගමන් ගන්නා විට ඉදිරිය පැහැදිලිව නොපෙනෙන බවත් වාර්තා වනවා.
(lknews.lk)